යාපනය දුම්රිය ධාවනය ආරම්භ කර සති දෙකක කාලයක් තුළදී මිලියන 14 ක ආදායමක් ලබාගැනීමට හැකිවූ බව දුම්රිය වාණිජ අධිකාරී සිසිර කුමාර මහතා 'අද' ට පැවසීය.
මේ දිනවලදී විශාල පිරිසක් යාපනය දුම්රිය ස්ථානය හා දුම්රිය නැරඹීමට පැමිණෙන බවත්, මේ වනවිට කොළඹ සිට දිනපතා දුම්රිය 4 ක් යාපනයට ධාවනය කෙරෙන බවත් සිසිර කුමාර මහතා පැවසීය.
මේ අතර දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා 'අද' ට පැවසුවේ, කොළඹ සිට යාපනය දක්වා ධාවනය කෙරෙන දිනපතා දුම්රිය ගමන් වාර මගීන්ට ප්රමාණවත් නොවන බැවින් තවත් දුම්රිය වාර කිහිපයක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අදහස් කරන බවයි.
මේ වනවිට හෙට (30දා) දක්වා සියලුම දුම්රිය ආසන වෙන්කර අවසන් බවත්, අතිරික්ත ආසන නොමැති බවත් රත්නායක මහතා පැවසීය.
උතුරු දුම්රියේ ආසන දින 45 කට පෙර සිටම අන්තර්ජාලය සහ ජංගම දුරකථන මගින් වෙන් කිරීමට පහසුකම් සලසා ඇති බවද රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.