යාපනය - කොළඹ දුම්රිය කාලසටහන
                                 -  13 10 2014 
                                 -  20:38
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - කැළුම් බණ්ඩාර 
                                
                            
                        
                        - 
		යාපනය දක්වා සාමාන්‍ය ප්‍රථම දුම්රිය අද (14දා) සිට ක්‍රියාත්මක අතර, එය උදේ 5.10 ට ගල්කිස්සෙන් පිටත් වී කොළඹ පෙරවරු 5.35 ට කොටුවට ළඟා වේ. පෙරවරු 5.50 ට එය යාපනය බලා පිටත් වන අතර, පෙරවරු 11.56 යාපනයට ළඟාවීමට නියමිතය. මෙය වායු සමනය කළ විශේෂ දුම්රියකි.
- 
		යාල්දේවි දුම්රිය පෙරවරු 6.30 ට ගල්කිස්සෙන් පිටත් වී පෙරවරු 6.57 ට කොටුවට ළඟා වේ. ඉන් අනතුරුව පෙරවරු 7.15 ට යාපනය බලා පිටත් වී පස්වරු 3.04 ට ගමනාන්තයට ළඟාවීමට නියමිතය.
- 
		දැයට කිරුළ දුම්රිය පෙරවරු 11.50 ට කොළඹ කොටුවෙන් පිටත් වී පස්වරු 6.15 ට යාපනයට ළඟා වේ. රාත්‍රී තැපැල් දුම්රිය පස්වරු 7.45 ට කොටුවෙන් පිටත්වී පසුදා අලුයම 5.07 ට යාපනයට ළඟා වේ.
- 
		මීට අමතරව සෑම සෙනසුරාදා දිනකම උදේ 9.40 කොළඹින් පිටත් වී සවස 5.07 ට යාපනයට ළඟා වන දුම්රියක්ද ක්‍රියාත්මක වේ.
- 
		එසේම සෑම දිනම උදෑසන 7.25 ට යාපනයෙන් කොළඹ බලා පිටත් වන දුම්රිය පස්වරු 3.53 ට කොළඹට ළඟාවේ. තවත් දුම්රියක් පෙරවරු 11.00 ට යාපනයෙන් පිටත් වී පස්වරු 5.40 ට කොළඹට ළඟා වේ.
- 
		වාසු සමනය කරන ලද විශේෂ දුම්රියක් යාපනයෙන් පස්වරු 1.45 ට පිටත් වී පස්වරු 8.00 ට කොළඹට ළඟා වනු ඇත.
- 
		රාත්‍රී තැපැල් දුම්රිය යාපනයෙන් පිටත් වනුයේ සවස 7.05 ට සහ එය පසුදා අලුයම 4.23 ට කොළඹට ළඟා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                