අනාගත නාගරික සංවර්ධන වැඩපිළිවෙල යටතේ යාපනය උපාය මාර්ගික නගරයක් ලෙස දියුණු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ සඳහා සැලසුම් සකස් කර මෙම වසරේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
යාපනය ප්‍රදේශයේ ජීවත්වන මහජන නියෝජිතයන්, විවිධ ස්වාධින සංවිධාන සහ විවිධ පුද්ගලයින්ගේ අදහස් විමසීම සඳහා ඊයේ දිනයේ (22) උපාය මාර්ගික නගර ව්‍යාපෘතියේ නියෝජිතයන් හමු වූ අවස්ථාවේදීය.
ජනතා නියෝජිතයින්ගේ අදහස්ද මුසු කරගෙන යාපනය විධිමත් උපාය මාර්ගික නගරයක් ලෙස දියුණු කරන බව අමාත්‍යවරයා පැවසීය.
යාපනය නගරයේ දියුණුවට ත්‍රස්තවාදී බලපෑම් නිසා විශාල බාධාවක් එල්ල වූ බවත් 1980 න් පසුව නගරයේ ස්වභාවික දියුණුව සම්පූර්ණයෙන්ම ඇනහිටි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.