වර්තමානයේ යුධමය වාතාවරණයක් නොමැති වුවද උතුරු පළාතේ යුධ හමුදාව රැදීසිටීම තුළින් එම පළාතේ ජනතාවට විශාල යහපතක් සිදු වන බවත් ශ්‍රී ලංකාව තුළ යළි යුද්ධයක් ඇති නොවන බවත් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනාරත්න මහතා පැවසීය.
යුද්ධය හේතුවෙන් උතුරු පළාතේ ජනතාව යුධ හමුදාව සමග ගණුදෙනු කිරීමට මැලිකමක් දක්වනු ඇති බවත් එලෙස නොසිතා පවතින ඕනෑම ගැටළුවක් ළඟම පිහිටි යුධ හමුදා කඳවුරට දැනුම් දෙන ලෙස ඔහු උතුරු පළාතේ ජනතාවගෙන් ඉල්ලීමක් කළ අතර යාපනයේදී මාධ්‍ය අමතමින් හෙතෙම මේබන කීය.