යහපාලන ආණ්ඩුවේ පරිපාලන නිලධාරීන් පිරිසක් අලිබබා සහ හොරු හතළිහ රඟදැක්වීමට පටන් ගෙන ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් පැවසීය. වමේ කේන්ද්‍රය විසින් අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
පසුගිය රජය සමයේ සිදුවූ සිල් රෙදි මගඩිය ඇතුළු දූෂණ සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක චෝදනා ලබා සිටින අනූෂ පැල්පිට මහතා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරයෙකු ලෙස පත් කිරීම සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන හා මුදල්) ලෙස ආර්.ඒ.ඒ.කේ.රණවක මහතා පත්කිරීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් හෙතෙම මේ බව පැවසීය.
2015 ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීම සහ එම ජනාධිපතිවරණයට පෙර නීති විරෝධී අන්දමින් රැකියා ලබාදීම,නෙළුම් කුළුණ ඉදිකිරීම ආශ්රිත වංචා, සහ ‘විහාරස්ථාන දිනපොත‘ මුද්‍රණය සහ අපේකෂක මහින්ද රාජපක්ෂ ගේ රැව සහිතව ඒවා ලංකාවේ විහාරස්ථාන වෙත මැතිවරණ ප්‍රචාරය සදහා බෙදා හැරීම පිළිබද අනූෂ පැල්පිට ට එරෙහිව චෝදනා මේ වන විට නාමිකව නමුත් විභාග වෙමින් තිබේන බවත්
ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා ගේ පළමු ප්රචාරක රැළිය ලෙස කැම්බල් පිටියේ (දිවි නැගුම සම්මේලනය නමින්) පවත්වන ලද උත්සවයකට දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් රුපියල් මිලියන 60 ක මුදලක් වැය කිරීම (මිනිසුන් බස් වලින් රැගෙන ඒම (ප්‍රවාහන), ආහාර සහ බීම සැපයීම සදහා), සමෘද්ධි අධිකාරිය දිවිනැගුම දෙපාර්තමේන්තුව බවට පත් කිරීමේ දී සමෘද්ධි බැංකුවේ මුදල් අව භාවිතය, ඡන්ද අල්ලසක් ලෙස රු. 2500 බැගින් (ඉසුරුමත් නිවහනක්) සමෘද්ධි අරමුදලින් බෙදාදීම, ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රතිරූපය නැංවීම සදහා ලිත් ලක්ෂ 50 ක් එකක් රුපියල් 6බැගින් වැය කිරීම ආදී චෝදනා රැසක් ආර්.ඒ.ඒ කේ රණවක මහතා සම්බන්ධයෙන් එල්ල වී ඇති බව කීර්ති තෙන්නකෝන් මහතා මෙහිදී පැවසීය.
මෙවන් චෝදනා වලට ලක්වූවන් පරිපාලන සේවයේ තබාගනිමින් ආයතන සංග්‍රහයේ 27.10 වගන්තිය බරපතල ලෙස උල්ලඝනය කර ඇති බවද තෙන්නකෝන් මහතා මෙහිදී චෝදනා කළේය. ආයතන සංග්‍රහයේ 27.10 ජේදය ට අනුව සාපරාධී වරදක් සම්බන්ධයෙන් හෝ අල්ලස් හෝ දුෂණ චෝදනා සම්බන්ධයෙන් හෝ රජයේ නිලධරයකුට විරුද්ධව අධිකරණයේ නඩු පවරා ඇති අවස්ථාවක දී නියමිත බලධරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ නිලධරයාගේ වැඩ තහනම් කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.