යහපාලන ආණ්ඩුවේ දීර්ඝතම වේලාවක් පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ(27දා) පවත්වා ඇති බව වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වී ඇති අතර මෙවර කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා 90ක් ඉදිරිපත්කර තිබේ.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ වැඩිම කැබිනට් පත්‍රිකා ප්‍රමාණය මෙවර ඉදිරිපත් වූ බවත් ඒ හේතුවෙන් කැබිනට් මණ්ඩලය පස්වරු 1.30 පමණ වනතුරු පැවැත්වීමට සිදු වූ බවත් අමාත්‍යවරයෙක් %අද^ පුවත්පතට පැවසීය.
කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවේ දීර්ඝතම කැබිනට් මණ්ඩලය ඊයේ(27දා) පැවැත්වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.