විදේශ කටයුතු අමාත්‍ය රවිකරුණනායක මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කිරීමෙන් පසුව ඔහු රජමල්වත්ත පාරේ පිහිටි ඔහුගේ නිවස අසලට රැස්ව සිටි ආධාරකරුවන් හමුවීමට පැමිණියේය.
එහිදී එම ස්ථානයට වැඩම කර සිටි ඌවතැන්නේ සුමන හිමියන් කෙටි අනුශාසනාවක් කරමින් දේශනා කළේ බැඳුම්කර සිදුවීමේදී පහත් තැනින් කටයුතු කර ඇති බවත්, මහ චූදිතයන් එළියේ සිටින බවත්ය.
“විශේෂයෙන්ම පහත් තැනින් කටයුතු කරන එක, අන්‍ය පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන එක ගරුතර මහා සංඝරත්නය විදිහට අපි හෙළා දකිනවා. විශේෂයෙන්ම බැඳුම්කර සිදධියේදී මහ චූදිතයො එළියෙයි ඉන්නේ. ඒ වගේ අන්‍ය පුද්ගලයන්ගෙන් පළිගැනීමක් වශයෙන් මෙවැනි ආකාරයෙන් කටයුතු කරනවානම් ගරුතර මහා සංඝරත්නයත්, මේ රටේ මහා ජනතාවත් වගකීමෙන් බලාගෙන ඉන්නවා.
යහපාලන ආණ්ඩුවක් තුළින් සියලු චූදිතයන් එළියේ සිටියදී අන්යපුද්ගලයන්ට එරෙහිව මෙවැනි චෝදනා කරනවානම් යහපාලන ආණ්ඩුවට දෙයි හාමුදුරුවන්ගේම පිහිටයි. මට කියන්න තියෙන්නේ බබිත් සුන්, බබීගේ අම්මත් සුන් කියන එකයි. යහපාලන ආණඩුව මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕන.
රවි කරුණනායක මැතිතුමාට මේකෙ කිසිදු අන්තරාවක් නෑ. මේ පිළිබඳ ගරුතර මහා සංඝරත්නය දැඩි සෙවිල්ලෙන් ඉන්නවා. මීට වඩා ඉහළ මට්ටමකින් කටයුතු කරන්න අපි යහපාලන නායකයන්ට දැනුම් දෙනවා.”
ඡායාරූපය ඒෂාන් ප්‍රනාන්ද