කොළඹ යශෝධරා බාලිකා විදුහලට බලහත්කාරී ලෙස ඇතුළු වෙමින් කලහකාරී ලෙස හැසිරුණු කොළඹ මහානාම විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකු මේ මස 31 වැනිදා දක්වා පරිවාස බාරයට පත්කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් වීරසිංහ මහතා නියෝග කළේය.
මේ අනුව සැකකාර සිසුවා මාකොළ ළමා නිවාසයේ රඳවා තබාගෙන 31 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම සිසුවා විදුහලේ ප්‍රධාන දොරටුවට හා ආරක්ෂක කුටියට හානි කළැයි යශෝධරා විදුහලේ විදුහල්පතිනය පොලීසියට පැමිණිලි කර තිබිණි.
පෙරේදා (21දා) මහානාම විදුහලේ සිසුන් පිරිසක් බලහත්කාරයෙන් යශෝධරා දේවී බාළිකා විදුහලට ඇතුළුත් වූ අතර ඒ සම්බන්ධයෙන් එක් සිසුවෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.