යල හා මාස් කන්නයේදී වූ ස්වාභාවික ආපදාවලට ලක්වූ කුඹුරුවලට වන්දි නෑ
පසුගිය යල සහ මාස් කන්නයන්හි සිදුවූ ස්වාභාවික ආපදාවන් නිසා විනාශයට පත් කුඹුරුවලට නොමිලේ බිත්තර වී සහ වගා හානි වන්දි ලබාදෙන බව පැවසුවත්, මෙතෙක් එම පොරොන්දු ඉටුකර නොමැති බැවින් කන්න දෙකේදීම ගොවිතැන් පාළු වූ ගොවීන් 20,000 ක් අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.
බිත්තර වී ලබාදීම යටතේ ගොවියෙකුට රුපියල් 3000ක් ලබාදෙන බවට පොරොන්දු වුවත්, මෙතෙක් එම පොරොන්දුව ඉෂ්ට කර නොමැති බවත්, මීට අමතරව වගා හානි වන්දියක්වත් ලබා දී නොමැති බවත් එම සංගමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
දින 07ක් තුළ මේ සඳහා විසඳුමක් ලබා නොදුන්හොත් මාර්තු 10 වැනිදාට පෙර දිස්ත්රික්ක 18ක ගොවි ජනතාව කොළඹට කැඳවා වන්දි සහ බිත්තර වී ලබාදෙන්නා වූ ආයතන වටලන බවද පවසා සිටියේය.
බිත්තර වී සඳහා රජයට මුදලක් වියදම් කිරීමට සිදුවුවත් වගා හානි වන්දි ලබාදීමට රජයට සත පහක්වත් වියදම් නොවන බවද හෙතෙම පැවසුවේය. එයට හේතු වන්නේ සහනාධාර පොහොර ලබාදීමේදී රක්ෂණ මුදල් වශයෙන් සෑම පොහොර කිලෝවකටම රුපියල් 03ක් අයකර ගැනීම නිසා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

