ස්ථාන තුනකදී ඊයේ (29දා) සිදුවූ යතුරුපැදි අනතුරු තුනකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙන බව පොලිසිය කියයි.
වාරියපොළදී වෑන් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිය පැදවූ අවුරුදු 75ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලුණුගම්වෙහෙරේදී යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පිටත තිබූ කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 49ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පානදුරදී යුද හමුදා කන්ටේනර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 32ක් වූ යතුරුපැදිය පැදවූ පුද්ගලයෙකු මියගොස් තිබේ.