යතුරුපැදිකරුවන් ආරක්ෂාවට පොලීසියට පහරදේවි
යතුරුපැදිකරුවන් තම ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධීන් ඉදිරියේදී නිසැකවම වාර්තාවිය හැකි බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා පැවසීය.
යතුරුපැදිකරුවන්ට පහරදෙන සියලුම පොලිස් නිලධාරීන් මාස්පතා මානසික පරීක්ෂණයකට ලක්කර අවශ්‍යතාව මත ඔවුන් සේවයෙන් නෙරපා දැමිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
පසුගිය 12 වැනිදා වත්තලදී සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු යතුරුපැදිකරුවෙකුට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පසුව පහර දී තිබෙන බවත්,සමස්ත පොලීසියම අපකීර්තියට ලක්කරන,කේන්තිය පාලනය කරගත නොහැකි මෙවන් නිලධාරීන් මානසික රෝගීන් බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්නැයි මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පතිවරයා යන පාර්ශ්වවලින් ඉල්ලීමක් කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

