සැප්තැම්බර් පළමු වැනි දින සිට ආරක්ෂිත හිස්වැසුම්වලට එස්.එල්.එස්. සහතිකය අනිවාර්ය කළද, දැනට භාවිතයේ තිබෙනා හිස්වැසුම් ලක්ෂ 60කට අධික ප්රමාණයේ ප්රමිතිය පිළිබඳව සොයා ගැනීමට හැකියාවක් නොමැති වී තිබෙන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා මේ වනවිට වෙළෙඳපොළ තුළ අලෙවි වන ආරක්ෂිත හිස්වැසුම් ප්රමිතියකට අනුව නිෂ්පාදනය කර තිබෙනා හා ප්රමිතියට නොමැති සමාගම් පිළිබඳව ප්රසිද්ධියට පත්කරන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද එම සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා සඳහන් කළේය.
2014 වසර ගතහොත් ආරක්ෂිත හිස්වැසුම් පැලඳ සිටියත් අනතුරු වලදී 457දෙනෙකු මියගොස් තිබෙන බවත්, මෙම පිරිස මියගොස් තිබෙන්නේ හිසට සිදුවූ හානි නිසා බවද පවසා සිටියේය.