ජනමාධ්‍ය‘වේදීන්ට යතුරු පැදි ලබාගැනීමට ලබාදෙන ණය මුදලට අදාළ කොන්දේසි තවදුරටත් ලිහිල් කළ බවත්, මෙම වැඩපිළිවෙළ යටතේ එම යතුරුපැදි ලබාදීම ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
මේ අනුව ජනමාධ්‍ය‘වේදීන් ලබාගන්නා ණය මුදල වෙනුවෙන් වැටුපෙන් කොටසක් බැංකුවට හැරවිය යුතු බවට පවතින නීතිය වෙනස් කර තිබෙන බවත්, ජනමාධ්‍ය‘වේදියාට වාරික ගෙවීමේදී ඔහුට වාරික ගෙවීමට අවස්ථාව ලබාදී තිබෙන බවද පවසා සිටියේය.
බැංකු කටයුතු අවසන් කර තිබූ යාපනය ප්‍ර‘දේශයේ මාධ්‍ය‘වේදීන්ට යතුරුපැදි ලබාගැනීමට අවශ්‍ය ලිපි ලේඛන ඊයේ (28දා) ලබාදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ණය මුදල ලබාගැනීමට කිසිදු ඇපකරුවෙකු අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය වන්නේ වැටුප ලැබෙන ආකාරය සඳහන් කිරීම පමණක් බවද පවසා සිටියේය. යතුරු පැදි ලබාදුන් මොහොතේ සිට යතුරු පැදියේ හිමිකරු මාධ්‍යවේදියා බවද හෙතෙම කියා මෙහිදී කියා සිටියේය.