රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ඉල්ලීම් කළ සහ මුදල් ලබාදුන් සියල්ලන්ටම යතුරුපැදි ලබාදීම ක්‍රියාත්මක කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අද (05දා) පාර්ලිමේන්තුවේදී ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසීය.
රාජ්‍ය නිලධාරීන් ලෙස පොලිස් නිලධාරීන් 14,000 ක් සහ ක්ෂේත්‍ර නිලධාරීන් 25,460 ක් යතුරුපැදි ඉල්ලුම් කර ඇති අතර, ඉන් යතුරුපැදි ලබාදී ඇත්තේ පොලිස් නිලධාරීන් 13,000 කට සහ ක්ෂේත්‍ර නිලධාරීන් 7232 ට පමණක් බවද එහිදී ප්‍රකාශ විය.
යතුරුපැදි හිමි නොවූ මුදල් ගෙවූ අනෙකුත් නිලධාරීන් හටද යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය.