යතුරුපැදි කරුවන් පළදින හිස් වැසුම් මේ සතියේ සිට ප්‍රමිතියකට ලක්කිරීම අනිවාර්යය කළත් දැනට භාවිත වන හිස්වැසුම් හි ප්‍රමිතිය හෝ ආරක්ෂාව පිළිබඳව ජනතාව දැනුම්වත් නොමැති බව සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව යතුරුපැදි අනතුරුවලින් සිදුවන ජීවිත හානි අවම කර ගැනීම සඳහා කිසියම් අනතුරක් සිදුවූ විට යතුරුපැදි කරුවෙකු පැළඳ සිටි ආරක්ෂක හිස්වැසුමේ වර්ගය, ගැටුණු වේගය, යතුරුපැදි වර්ගය පිළිබඳව වන විස්තර රථවාහන නියෝජ්‍ය පොලිස්පති හරහා සතිපතා ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා ලෙසද එම සංගමය ජනපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.