www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්‍රහස්පතින්දා
ගලඋඩ - කන්දකැටිය ප්‍රධාන මාර්ගයේ කන්දකැටිය ගොඩිගමුව හංදිය අසලදී අද (21දා) යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු බරපතළ තුවාල ලබා කන්දකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කන්දකැටිය, වියලුව, ඩී.එස්. සේනානායක ජාතික පාසලේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කේ.එම්. තරිඳු රුක්ෂාන් ජයසේකර (අවු.14) නමැත්තෙකි.
මරණයට පත් සිසුවා අසල්වැසි තරුණයෙකුට අයත් යතුරු පැදියක් ඔහුට නොදන්වා පදවාගෙන යමින් සිටියදී අනතුරට ලක්ව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මීගහකිවුල - එන්.කේ. නිශ්ශංක
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd