දකුණු පළාතේ යතුරු පැදි ලබාගත් සියලුම රජයේ සේවකයන්ට මින් මතුවට අතිකාල දීමනා කිසිවක් ලබා නොදෙන ලෙස චක්රලේඛයක් නිකුත් කර ඇතැයි රජයේ සේවකයෝ චෝදනා කරති. මෙය වක්රාකාරයෙන් තම පහසුකම් කප්පාදු කිරීමක් බවද ඔවුහු පවසති.
එය බලවත් අසාධාරණයක් බව ද රුපියල් 50,000ක් වැනි මුදලකට යතුරු පැදියක් ලබාදී තමන්ට අතිකාල දීමනා ලෙස ලැබෙන මුදල් කප්පාදු කිරීම සේවක අයිතිවාසිකම් නොසලකා හැරීමක් බවද ඔවුහු කියති.