පොළොන්නරුව අරලගංවිල 10 කණුව ප්ර‘දේශයේදී අද (04දා) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක පුද්ගලයෙකි. ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරෙන් මියගොස් ඇත්තේ අරලගංවිල පිඹුරත්තෑව ප්ර‘දේශයේ පදිංචිකරුවෙකි.
යතුරු පැදියේ ගමන් ගත් තවත් අයෙකු බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. සිද්ධියට අදාළ ලොරි රථයේ රියදුරා සහ ලොරි රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (04 දා) පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ. සිද්ධියට පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අරලගංවිල පොලීසිය මගින් සිදුකරයි.