(VIDEO) ඉංගිරිය අරකාවිල ප්රදේශයේදි යතුරු පැදියක් ප්රපාතයකට පෙරළීමෙන් පැදිකරු(28) හා මාස හතක් වයසැති බිළිඳියක් ජිවිතක්ෂයට පත්ව ඇත. අද (30දා) අළුයම මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුරින් එකම පවුලේ මව, පියා හා කුඩා දරුවන් දෙදෙනෙකු හා තවත් අයෙකුඅනතුරට පත්ව තිබෙන අතර මව, පියා හා අවුරුදු හතක දැරියක් පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කළුබෝවිල රෝහලට වැඩිදුර ප්රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
වීඩියෝ දර්ශන සනත් ඩෙස්මන්ඩ්