18 වැනි සාක් සමුළුවට එක්වීම සඳහා නේපාලයට ගිය ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දීය අගාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සිදුවූ හමුවේදී එළැඹෙන ජනපතිවරණයේදී ජය ගැනීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අගමැතිවරයා සුබ පැතීම මේ වන විට තමිල්නාඩුව කළඹන පුවතක් බවට පත්ව ඇති බව ද හින්දු පුවත් සේවය පවසයි.
එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් මේ පිළිබඳව සිය විරෝධය දැඩිව ප්‍රකාශ කළ බවත් මේ වන විට ඒ සඳහා ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්. කරුණානිධි මහතාද සිය සහාය දක්වා ඇති බව හින්දු පුවත් සේවය පැවැසීය.