එළැඹෙන ජනපතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කිරීම පිළිබඳව තමිල්නාඩුවේ විරෝධය ප්‍රකාශ වී ඇති බව හින්දු පුවත් සේවය කියයි.
18 වැනි සාක් සමුළුවට එක්වූ ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා නරේන්ද්‍ර මෝදි අතර සිදුවූ හමුවේදී එළඹෙන ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා නරේන්ද්‍ර මෝදි සිය සුබපැතුම් එක් කරනු ලැබීය.
මේ පිළිබඳව අදහස් දක්වමින් වයිකෝ් සඳහන් කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික සීමා ඉක්මවා ඇති බවයි.