මෝදි අද දිවයිනට
මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන 14 වැනි ජාත්‍යන්තර වෙසක් උලෙළෙහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (11දා) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය. ජාත්‍යන්තර වෙසක් උත්සවය හෙට (12දා) ආරම්භ වන අතර, එහි සමාරම්භන උලෙළ හෙට (12දා) උදෑසන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
සමාරම්භක උලෙළින් අනතුරුව ඉන්දීය අගමැති මෝදි මහතා ඉන්දීය රජයේ ආධාර මත ඉදිකළ හැටන් දික්ඔය රෝහල විවෘත කරන අතර, නෝර්වුඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජනහමුවක් ඇමතීමටද නියමිතය.
අනතුරුව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදාගැනීම සඳහා මහනුවර දළදා මාළිගාව වෙත පැමිණෙන අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේදී සූදානම් කර තිබේ.
අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හෙට (12දා) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
මේ අතර ඉන්දීය අගමැතිවරයා මෙරට රැඳීසිටින කාලය අතර දේශපාලන පක්ෂ කිහිපයක් සමගද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

