පුත්තලම පරණ පාරේ කඩයක අනවසරයෙන් මෝදක නැමැති වාජීකරණය විකුණන බවට පොලීසියට ලැබුණු ආරංචියට එම කඩය වැටලීමට පොලීසිය පැමිණි අවස්ථාවේ මෝදක ගුලි 1375ක් පමණ පොලීතීන්වල ඔතා ළිදට දැමීමට කඩේ හිමිකරුවා කටයුතු කර තිබේ.
පොලීසියට කඩයෙන් සොයාගත හැකිවී තිබෙන්නේ එක් මෝදක ගුලියක් පමණි. නමුත් පසුව කරනු ලැබූ පරීක්ෂණයකදී ළිද තුළ තිබියදී මෝදක සියල්ල පොලීසිය සොයාගෙන තිබේ. මෙම සිදුවීම අද (05දා) සවස සිදුවිය.
මේ සඳහා ගංජා මිශ්රකර තිබෙන බවත්, එයට පාසල් සිසුන් පවා ඇබ්බැහිවී තිබෙන බවත් සඳහන් වෙයි.