ශ්‍රී ලංකාවේදී ඝාතනය වූ දමිළ ජනතාව පිළිබඳවත්, සුළු ජාතීන්ගේ ගැටලු පිළිබඳවත් සලකා බැලීමට ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බී.ජේ.පී. පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි සඳහන් කළ බව තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්ෂ නායක වයිකෝ සඳහන් කරයි.
වයිකෝ හා නරේන්ද්‍ර මෝඩිගේ හමුවක් ඊයේ (19දා) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පවත්වා තිබෙන අතර, එහිදී ඉහත කරුණු පිළිබඳව මෝඩි තමන්ට පොරොන්දුවක් ලබාදුන් බව වයිකෝ ඉන්දීය මාධ්‍යයට පවසා තිබේ.