මෝටර් රත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් වර්තමාන අවශ්‍යතාවයන්ට හා තත්ත්වයන්ට සරිලන පරිදි මෝටර් වාහන පනත සංශෝධනය කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මෝටර් රථ වාහන පනතේ ප්‍රතිපාදන අනුව මෝටර් වාහන ලියාපදිංචි කිරීම, හිමිකාරීත්වය පැවරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හා ඊට අනුබද්ධිත කටයුතු පාලනය කිරීම මෙන්ම මාර්ගය පාවිච්චි කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම හා පරිසරය සුරැකීම සඳහා අදාළ පියවර ගත යුතු අතර නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගැනීම වෙනුවෙන් පනත සංශෝධනය කිරීමට නියමිතය.