ඇඹිලිපිටිය - රත්නපුර ප්රධාන මාර්ගයේ පල්ලේබැද්ද ප්රදේශයේදී කාන්තාවක් පදවාගෙන යමින් සිටි මෝටර් රථයක් ඊයේ (27දා) පාලමක ගැටී සිදුවූ අනතුරින් එම රථය ගිනිගෙන විනාශ වී තිබේ.
එම රථය අනතුරට ලක්වන විට එකම පවුලේ පියා, මව, පියා, දුව, පුතා හා ඥාති දියණියක් එහි ගමන් කර තිබෙන අතර අනතුරින් තුවාල ලැබූ ඔවුහු පල්ලේ බැද්ද රෝහලට ඇතුළත් කොට සිටිති. මෙම පිරිස රත්නපුර සිට උඩවලව ප්රදේශය දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
කසුන් දර්ශන