පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට පිටතට යාමට පැමිණි මෝටර් රථයක් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ඇති පොකුණට වැටීමෙන් අනතුරට ලක්ව තිබේ.
වර්ෂාව සමග ඇතිවූ අඳුරත් සමග මාර්ගය වැරදී මෙලෙස මෝටර් රථය මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි.
එහි සිටි රියදුරු පිටතට ගෙන ඇති අතර මෝටර් රථය ගොඩ ගැනීමට පිරිසක් උත්සාහ කරමින් සිටිති. මෝටර් රථයේ අර්ධයක් පමණ ගිලී ඇත.