ඉංගිරිය අම්පිටිය ප්රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ටෙලිෆෝන් කණුවක හා තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (15දා) මෙම අලුයම සිදුවූ බව පොලීසිය සඳහන් කරයි. අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර එයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථයේ රියදුරු වූ යශෝද්ය එරන්දින් බණ්ඩාර (25), සම්පත් හර්ෂණ උඩුවනගේ (25) යන දෙදෙනො මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුහු හෝමාගම පදිංචිකරුවෝ වෙති.