මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වෙත කිසිම සේවාදායකයෙකු නොපැමිණ සියල්ලන්ගේම සේවාවන් අන්තර්ජාලය හරහා සිදුකරදීම දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුව බව මෝටර් රථ කොමසාරිස් එච්.එස්.හරිස්චන්ද්ර මහතා පැවසීය.
රථ වාහන පිළිබඳ ඉ-සේවාවන් තුනක් ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
මේ යටතේ වාහන ආදායම් බලපත්රය කල් ඉකුත්වන සහ වලංගු කාලසීමාව දැනගත හැකිවීම සහ වාහන කාණ්ඩයේ අවසන් ලියාපදිංචි අංකය පිළිබඳ තොරතුරු www.motortraffic.gov.lkවෙබ් අඩවියෙන් සහ ජංගම දුරකථන (app)හරහා ද ලබාගැනීමට පුළුවන.