අභාවප්‍රාප්ත සුපිරි බොක්සිං ශූර මොහොමඩ් අලි ගේ අවමංගුලට ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා සහභාගී නොවන බව වාර්තා වෙයි.
ධවල මන්දිරය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසන්නේ ඔබාමා සහ බිරිඳ මිෂෙල් සිය වැඩිමහලු දියණිය වන මාලියා ඔබාමාගේ උසස් පාසල් උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වන බැවින් අලිගේ අවමංගල්‍යයට නොපැමිණෙන බවකි.
කෙසේ වෙතත්, මොහොමඩ් අලි උපත ලැබූ කෙන්ටකි ප්‍රාන්තයේ, ලුයිස්විල්ලේ හිදී එළැඹෙන සිකුරාදා පැවැත්වෙන අවමගුල් උත්සවය වෙනුවෙන් සහභාගී වනු ඇති බව සැලවෙන දහස් සංඛ්‍යාත පිරිස් අතර ලෝක නායකයන් රැසක්ද සිටින බව කියැවෙයි.
මේ අතර, ඔබාමා මේ අවස්ථාවට නොපැමිණෙන බව දන්වමින් ධවල මන්ධරය විසින් අලිගේ ඥාතීන් වෙත ලිපියක් යොමුකර ඇති බවද විදෙස් වාර්තා පවසයි.