මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට එරෙහිව එම තහනම ඉවත්කරන ලෙස ඉල්ලා තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුන් 2000කට අධික පිරිසක් ගල්කිස්ස - කොට්ටාව මාර්ගය අවහිර කරමින් මොරටුව විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (18දා) පස්වරුවේ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. ඒ වනවිට විශාල මාර්ග තදබදයක්ද පැවැති අතර, විකල්ප මාර්ග ඔස්සේ රථවාහන පිටත් කර හැරීමටද පොලීසියටසිදු විය.