මොරගහකන්දටත් නමක් ජනපති යෝජනා කරයි
අද ජනතා අයිතියට පැවරුණු මොරගහකන්ද ජලාශය මෙරට කීර්තිමත් ඉංජිනේරුවෙකු වූ ඒ.එන්.එස්. කුලසිංහ මහතා නමින් නම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (08දා) පස්වරුවේ පොල්ගොල්ල වේල්ල අසළ පැවති ,සාළිස් වසරක මහවැලි අසිරිය, ජාතික මහෝත්සවය අමතමිනි.
මීට දශක හතරකට පෙර ජනවාරි 08 වැනි දිනයකම පොල්ගොල්ලෙන් ඇරඹී යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තිය මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පැවරීමත් සමග සනිටුහන් කෙරෙයි.
මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය තුළින් මෙරට කෘෂිකර්මයේ නවෝදයක් ඇතිවනවා සේම ධීවර, කර්මාන්ත, පානීය ජලය වැනි අංශ ගණනාවක පුළුල් සංවර්ධනයක් ඇතිකෙරෙන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.ෙ
මීට වසර 05කට පෙර ව්‍යාපෘතියේ වැඩ අවසන්වීමට නියමිතව තිබුණ ද දේශපාලන සංස්කෘතියේ අවභාවිතයත් සමග එය ප්‍රමාද වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා වත්මන් රජය යටතේ එය කඩිනම් කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ද කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

