මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකර තිබෙනා ජලාශයට මහ කන්නයේ ලැබෙන වර්ෂාවට පෙර ජලය පිරවීම සඳහා සිදුකරන ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වන පවුල් 2228 ක් ප්‍ර‘දේශයෙන් ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.
සාධාරණ වන්දි මුදලක් ලබාදී මෙම පිරිස ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන අතර, මීට පෙර පවුල් 984 ක් ඉවත් කර තිබේ. ඔවුන් සඳහා වන්දි මුදල්ද ලබාදී ඇත. මොරගහකන්ද ජලාශයට ජලය පිරවීමේදී තවත් පවුල් 2228කට බලපෑම් සිදුවන බව තහවුරු වී තිබේ.
මේ අනුව නාවුල හා ලග්ගල පල්ලේගම ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පවුල් 2512කට සාධාරණ වන්දි ලබාදී ඉවත් කිරීමට මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය වර්තමානයේදී ලංකාව තුළ සිදුවන විශාලතම බහුකාර්ය ගංගා නිම්න සංවර්ධන ව්‍යාපෘතිය වන අතර, එහි වැඩකටයුතු 65෴ කට වැඩි ප්‍රමාණයක් අවසන් වී තිබේ.