ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල පහකට හා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල හතරකට පසුගිය 29 හා 30 යන දෙදිනේදී ප්රහාර එල්ලකර තිබෙන බවත් ඉන් කාර්යාල තුනක් සම්පූර්ණ ලෙසම විනාශ වී තිබෙන බවත් කැෆේ සංවිධානය කියයි.
ආයුධ සන්නද්ධ අංක තහඩු නොමැති වාහනවලින් ගමන්ගන්නා පිරිස් විසින් මෙම ප්රහාර දියත් කරන බවත් මොනරාගල දිස්ත්රික්කයේ බිබිල මැතිවරණ කොට්ඨාසයේ වැඩි වශයෙන් මෙම සිදුවීම් වාර්තා වන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.