ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් මැදගම සිට බොල්ගල්ල හරහා කොළඹ බලා ධාවනය සඳහා පෞද්ගලික බස් රථයකට මගී ප්රවාහන බලපත්රයක් ලබාදීමට විරෝධය පාමින් මොණරාගල දිස්ත්රික්කයේ පෞද්ගලික බස්රථ හා මොනරාගල ලංගම ඩිපෝවට අයත් සියලුම බස්රථ අද (05දා) ධාවන කටයුතු අත්හිටුවා තිබිණි.
සියලුම බස්රථ බස් නැවතුම්පොළේ ගාල්කොට රියදුරන් හා කොන්දොස්තරවරුන් බස් නැවතුම්පොළට හැරෙන හන්දියේ සාමකාමී විරෝධතාවක නිරතව සිටියහ.
මොනරාගල සුමනසිරි ගුණතිලක