දේශපාලන පක්ෂවලින් සියයට අසූවකට වඩා වැඩි පිරිසක් විපක්ෂයේ පොදු අපේක්ෂකයා සමග එක්වී ඔහු දිනවීමට කටයුතු කරන බව 'හෙටට රටක්' ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ පැවසූහ.
එසේ වුවද රනිල් වික්‍රමසිංහ මහතාට සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට මැදිවී සිටින මෛත්‍රීපාල මහතා රට හදන්නට බැරි 'පතෝලයෙකු' බවද උන්වහන්සේ පැවසුවේ අද (10දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.