ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟ ජනප්‍රිය සටන්පාඨ හෝ වැඩපිළිවෙලවල් නොමැති බවත්, තිබෙන්නේ රටට වැඩදායී දේවල් පමණක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කලේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෑම විටම කටයුතු කරන්නේ රට ගැන සේම අනාගත පරපුර ගැනද සිතා බවත්, එහෙත් මෙතෙක් පත් වූ නායකයන් කටයුතු කළේ ඊළඟ ඡන්ද ඉලක්කකරගනිමින් බවත් කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු අද (06දා) සඳහන් කළේය.
වංචාවට, දූෂණයට එරෙහිව කටයුතු කිරීමේදී ඔහු පක්ෂ පාට නොසලකා, මධ්‍යස්ථව සිට කටයුතු කරමින් සිටින බවත්, මේ නිසා උනුත් හොරු, මුනුත් හොරු සංකල්පය නැතිවී ගොස් තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.