නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතදී සම්පූර්ණ සහාය ලබාදෙන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේ දින 100 වැඩපිළිවෙළ ජනතාව අනුමත කර තිබෙන බැවින් එයට සහාය පළකරන බවත්, රටට අහිතකර තීන්දු තීරණ ගන්නේ නම් ඒවාට විරුද්ධ වන බවත්ය.
උතුරේ ආණ්ඩුකාරවරයා ඉවත්කිරීම, අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඉවත්කිරීම හා විරුද්ධ පක්ෂ සාමාජිකයන්ට පහරදීම යන ක්‍රියා නතර කිරීමට ජනාධිපතිවරයා පියවර ගතයුතු බවද හෙතෙම පවසා සිටියේය.