වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිපදෙනෙකුටම එතනෝල් බලපත්‍ර හිමි බව බව පොදු අපෙක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඊයේ (20) දිගන ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
"සංවර්ධනය තුළ දූෂණය, වංචාව සිදුකරකරනවා. තුනෙන් දෙකක මුදලක් දූෂිත පාලකයන් ලබාගන්නවා. ජනතාවගේ මුදල් අනිසි අකාරයෙන් පරිහරණය කරමින්, සංවර්ධනය සිදු කරනවා. පසුගිය වසර ගණනාව තුලදි ළමා අපචාර, දූෂණ, මංකොල්ල කෑම් බොහෝ ලෙස වර්ධනය වුණා. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ගණනාවකටම එතනෝල් බලපත්‍ර තියෙනවා. ලක්ෂ 100 ක් පමණ ජනතාවක් අද වන විට අන්ත අසරණ තත්වයට පත්ව වෙලා. අද තරුණයින්ට, තාරුණ්‍යට හෙටක් සංවිධානය තුලින් කිසිඳු මග පෙන්වීමක් සිදු කරන්නේ නෑ. ගමේ තරුණයින්ට, තාරුණ්‍ය හෙටයි. රාජපක්ෂ පවුලේ දරුවන්ට දස වසරක් තිස්සේ තාරුණ්‍ය අදයි."