ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් මහියංගනය ප්රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපතිධුරයෙන් පසුගියදා පිදුම් ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී තේනුක විදානගමගේ මහතා ආණ්ඩුවට එක්වී සිටිනවාද එසේත් නැතහොත් ඒකාබද්ධ විපක්ෂෙයන් ඉවත්වී සිටින්නේදැයි ඉදිරි දින කිහිපයේදී දැනගැනීමට ලැබෙනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
පසුගිය කාලය පුරා ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කළ විදානගමගේ මහතා මහින්ද රාජපක්ෂ මහතාටද්රොහීවී සීටිද එසේත් නැතහොත් ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වී සිටින්නේදැයි ඉදිරි දින කිහිපයේදී සිදු කිරීමට නියමිත ප්රකාශයකින් රටට පැහැදිලිවනු ඇති බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය සමග එක්වී සිටින කිසිවෙකු ආණ්ඩු පක්ෂයට එක් නොවන බවත්,විනය ක්රියාමාර්ග ගත යුතු බවට අදහස් පළකරමින් සිටිනුයේ සැබවින්ම විනය පරීක්ෂණවලට මුහුණදිය යුතු පුද්ගලයන් බවත් හෙතෙම පවසා සිටියේය.