කැකිරාව අධ්‍යාපන කොට්ඨාසට අයත් මුරියාකඩවල මෛත්‍රී විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසදුම් ලබා දෙන ඉල්ලා එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ දෙමාපියෝ ඊයේ (05දා) එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
දරුවන් 165 ක් පමණ අධ්‍යාපන ලබන මෙම පාසලටම සිටින්නේ විදුහල්පතිවරයා පමණක් බවත්, විදුහල්පතිවරයා පාසල් ළමුන්ට පාසල් කාලයේදී ක්‍රීඩා කිරීමට ඉඩ දී ඇති බවත්, එසේ දරුවන්ට ක්‍රීඩා කිරීමට ඉඩ දී ඇත්තේ ගුරුවරුන් නොමැති නිසාවෙන් එහිදී ඔවුහු පැවසූහ
මෙම පාසල වැසී යාමට ඉඩ නොදී රැක ගන්නා ලෙස එහිදී ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
විරෝධතාකරුවන් ටයර් පුළුස්සා මාර්ගය හරස් කරමින් විරෝධතාවක් දියත් කිරීමට උත්සාහ කළද කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ එම උත්සාහය ව්‍යර්ථ කරන ලදී.
මේ අවස්ථාවේදී පාසල් ගොඩනැගිල්ලක වහලයක් මත නැගුණු ප්රදේශවාසියකු විරෝධතාවයෙහි නිතර වූ අතර, අනෙක් දෙමාපියන් පාසල අසල සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවෙහි නිරත වූහ.
විරෝධතාව පැවැත්වෙමින් තිබූ අතරවාරයේදී එම ස්ථානයට පැමිණි කැකිරාව අධ්‍යාපන කලාපයේ අධ්යක්ෂ ඩී.විජේසුන්දර මහතා දෙමාපියන් සමග සාකච්ඡා පැවැත්වීමට උත්සහ කළද ඒ අවස්ථාවේ දෙමාපියන් ඒ මහතාට විරෝධය පළ කිරීමත් සමගින් උණුසුම් තත්ත්වයක් ඇති විය.
අධ්යක්ෂවරයා උද්ඝෝෂකයන්ගේ වාග් ප්‍රහාර හමුවේ කියා සිටියේ මෙම පාසලට ගුරුවරුන් තිදෙනකු ලබාදීමට කටයුතු කර ඇති බවත්, ඉදිරියේදී එම ගුරුවරුන් රාජකාරී භාර ගන්නා බවත්ය.ඒ අනුව දෙමාපියන් අධ්යක්ෂවරයාගේ ප්‍රකාශය පිළිගෙන විරෝධතාය අවසන් කළ අතර, සතියක් තුළ ගුරුවරයකු ලබා නොදුන හොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවද පවසා ඔවුහු විසිර ගියහ.