ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකතු වුණාද නැත්ද න්නේ නෑ. එකතුවුණානම් මහින්ද රාජපක්ෂ මහතාට සුබ පතනවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අහනවා මොකක්ද මේ කරපු විලි ලැජ්ජා නැති වැඩේ යැයි වනජීවී හා සංචාරක නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේය.
අද (05 දා) පොලොන්නරුවේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"අපි මේ දවස් වල ගමට ගියාම මිනිස්සු අහනවා දෙන්නා, එකතු වුණාද කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා එකතු වුණා නම් වැරද්දක් කියන්න බෑ අපිට කියන්න තියෙන්නේ අපේ සුබ පැතුම් කියලා. මාධ්‍යයෙන් කියන දේ බොහෝදුරට විශ්වාස කරනවා.
එතුමා ගිය සතියේ නිවේදනයකින් කිවුවා කොහෙත්ම එකතුවෙන්නේ නෑ කියලා .අපේක්ෂකත්වය දෙන්නේ නෑ කියලා ,ඊට කලින් සතියේ කිවුවා මෙයාට දුන්නොත් බුලට් එකෙන් මාව ඉවත් වෙනවා, එයා මේ තැනට එනවා කියලා. ඊට කලින් මැතිවරණ කාලයේදී ,කුඩු ගැන කිවුවා ,කුඩු සංස්කෘතිය ගැන කිවුවා ,එතනොල් ගැන කිවුවා,
ඒවා මට දරා ගන්න බැරිවුණා කීවුවා, ඒ හින්දා එළියට බැස්සා කිවුවා. අපිත් එක තහවුරු කර ගත්තාත
එකතුවෙලා තියනවනම් අපි මහින්ද රාජපක්ෂ මහත්තයට සුබ පතනවා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙන් අහනවා මොකක්ද මේ කරපු විලිලැජ්ජා නැති වැඩේ කියලා. මොකද මනුස්සයෙක් ස්ථාවරව ඉන්න ඕනේ. කවුරු එකතු වුණත් ,වෙන්වුණත් ,බෙදුණත් ,ගිවිසුම් ගැහුවත් එක්සත් ජාතික පක්ෂය විදිහට අපි අපේ ගමන ඉදිරියට යනවා"