වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවක් ඇති කර ඉදිරි මහ මැතිවණයට මුහුණදී ජයග්‍රහණය කරා මෙහෙයවීම සඳහා ශ්‍රී.ල.නි.ප.යේ නියෝජිතයන් හය දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් ඊයේ (16දා) පත්කර ගන්නා ලදී.
එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ පැවැති විශේෂ රැස්වීමකදී පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න, ටී.බී. ඒකනායක, කුමාර වෙල්ගම, ඩිලාන් පෙරේරා යන මහත්වරුන් එම කමිටුවට තෝරාගැනිණි.
ජනාධිපතිවරුන් දෙදෙනා මුණගස්වා ඔවුන් අතර සමගිය ඇති කර ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම මෙහි අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා 'අද' ට ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
'ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් මතවාදයක් ඇති වෙලා තියෙනවා. මේකට හේතුවෙලා තියෙන්නේ වත්මන් ජනාධිපතිතුමාත්, හිටපු ජනාධිපතිතුමාන් පක්ෂය තුළ කටයුතු කරන ආකාරයයි. ඒ දෙදෙනාම එකතු කරලා පක්ෂයට නායකත්වයක් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමයි අපට පැවරිලා තියෙන වගකීම වන්නේ. අපි හයදෙනා එකතු වෙලා ඊයේ (16දා) රාත්‍රියේත් සාකච්ඡාවක් පැවැත්වූවා.
ජනාධිපතිවරුන් දෙදෙනාගේ එකමතුභාවය, සමගිය ඇති කිරීමේ පදනම ගැන ඒ දෙන්නා එක්කත් සාකච්ඡා කරනවා. එහිදී ඊළඟ මැතිවරණයේදී පක්ෂයට පොදු නායකත්වයක් ලබාගන්නයි අප උත්සාහ කරන්නේ.
ජනාධිපතිවරුන් දෙන්නා මුණගැහිලා සාකච්ඡා කරනවා. ඒ අයට සහාය දීමටත්, ප්‍රශ්න නිරවුල් කිරීමටත් අපි හයදෙනා ඉන්නවා. මේ වැඩපිළිවෙළ ගැන ජනාධිපතිවරුන් දෙන්නාම දැනට මූලිකව දැනුවත් වෙලා ඉන්නවා. මේකේ ප්‍රතිඵල ලබාගැනීමේ අධිෂ්ඨානය අප තුළ තියෙනවා. ඒකට හොඳ ප්‍ර‘වේශයක් ජනාධිපතිතුමා ඊයේ දුන්නා.
අපි හය දෙනාට විශේෂ වගකීම් පැවරුවා. මේ දෙන්නා මුණගස්වලා සාකච්ඡා කරලා පක්ෂය එකමුතු කිරීමට අපට වගකීම් පවරලා තියෙනවා' යනුවෙන් පවසා සිටියේය.
ඊයේ පදනම් ආයතනයේ පැවැති විශේෂ පක්ෂ නියෝජිත රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මැති ඇමතිවරුන්, ආසන සංවිධායකවරුන් හා පක්ෂයට අනුබද්ධ සංවිධාන රැසක් එක්ව සිටිනු දක්නට ලැබිණි.