හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 18 වැනිදා සෞඛ්‍ය සේවාවට බඳවාගත් සේවකයන් 966 දෙනා බඳවාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ගැටලුවක් ඇති වී තිබෙන නිසා එම පිරිස සේවයට ඇතුළත් කරගැනීම තාවකාලිකව නවතා දැමූ බව සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා සඳහන් කළේය.
මෙලෙස බඳවාගත් සියලු දෙනා විධිමත් ක්‍රමවේදයකට අනුව බඳවාගැනීම සඳහා නැවත සම්මුඛ පරීක්ෂණයක් සිදුකරන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව ලබන වසරේදී සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 181 ක් වෙන් වී ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම මුදල් යොදාගනිමින් රටේ ජනතාවට උපරිම සේවාවක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්, මීට අමතරව රෝගීන් බාහිරව මිලදී ගන්නා ඖෂධ සාමාන්‍ය මිලට ලබාගැනීමට හැකි ආකාරයට ඖෂධ පාලන මිලක් ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.