මෛත්රී පාලනය යනු ලිච්චවී පාලනය බව විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
‘‘මෛත්රී ප්රතිපත්ති ප්රකාශනය ක්රියාත්මක කරන්න යටයුතු කරනවා. මෛත්රී පාලනය කියන්නේ ලිච්චවී පාලනය. සමගියෙන් එක්රැස්ව සමගියෙන් සාකච්ඡාකර සමගියෙන් විසිරයාම තමයි ලිච්චවී පාලනය කියන්නේ’’ යනුවෙන් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
1948 න් පසුව ලංකාවේ පළමුවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, වමේ පක්ෂය ඇතුළු සියලුම පක්ෂ සිවිල් සංවිධාන එකතුවීඇති බවත්, රාජපක්ෂ රෙජීමය නවත්වන්නට මෙන්ම දින සියයකින් අලුත් රටක් ගොඩනගන්න කටයුතු කරනබවද වික්රමසිංහ මහතා පැවසුවේය. 1948 න් පසුව ලංකාවේ පළමුවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, වමේ පක්ෂය ඇතුලු සියලුම පක්ෂ සිවිල් සංවිධාන එකතුවී ඇති බවත් ඒ මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් දක්වා සිටියේ අද (19දා) පැවති පොදු අපේක්ෂක මෛත්රී මහතාගේ ප්රතිපත්ති ප්රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
ඡායාරූපය ශමීර රාජපක්ෂ