ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය පළකරමින් අද (21දා) දිනයේ විශේෂ ප්‍රකාශයක් නිකුත්කරන බවට ඊයේ (20දා) දිනය තුළ විවිධ ආරං‘චි පැතිර යද්දී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා 'මෛත්‍රී පාලනයක් ෙගනියන්න ඕන වෙලා තියෙනවා' යැයි ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව බොහෝ දෙනා කතා කරන්නට වූ අතර, ඒ සඳහා හේතුවන කරුණු කාරණා පෙරේදා රාත්‍රි‘යේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදීද සාකච්ඡා වී තිබිණි.
සාමාන්‍ය‘යෙන් ජනාධිපතිවරණයකට තරග කරන්නේ කවුරුන්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම්වලදී යෝජනා කරන්නේ පක්ෂ මහලේකම්වරයා විසිනි. මීට ඉහත අවස්ථාවලද එසේ සිදුවිය.
එහෙත් මෙවර ජනාධිපතිවරණයට තරග කළ යුතු අපේක්ෂකයා කවුරුන්ද යන්න යෝජනා කර තිබුණේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි. එය ස්ථිර කර තිබුණේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා විසිනි.
නමුත් එම රැස්වීමට මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වී ඇති අතර, විවිධ විෂයයන්වලට අදාළ කමිටු කිහිපයක් පත්කර ඒ මහතාට ඒවායේ සභාපතිකම ලබා දී ඇත.