ජනපතිවරණයෙන් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගන්නා බවත් එහෙයින් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය වන ජනවාරි 13දා නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අද (22දා) මෙම අදහස් ප්‍රකාශ කළ අමතුරංග මහතා තවදුරටත් ප්‍රකාශ කළේ ජනවාරි 14දා ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය සඳහා එක්වන කිතිණු බැතිමතුන් වෙනුවෙන් රටපුරා නොමිලයේ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බවයි.