පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්, මේජර් ජෙනරාල් ජගත් විජේතිලක හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ (4දා) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. යුද්ධ හමුදාවේ ප්‍රධාන තනතුරු ගණනාවක සේවය කර ඇති මේජර් ජෙනරාල් විජේතිලක 2013 වර්ෂයේදී පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් ධූරයට පත්වී ඇත. ඔහුගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අඟහරුවාදා (7දා) සවස 5.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
මේජර් ජෙනරාල් ජගත් විජේතිලක 1981 අගෝස්තු මස 31 වන දින කැඩෙට් නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත බැදී 1983 වර්ෂයේ ලුතිතන් නිළයටත්, 1986 වර්ෂයේ කපිතන් නිළයටත්, 1995 වර්ෂයේ මේජර් නිළයටත්, 1997 වර්ෂයේ ලුතිතන් කර්නල් නිළයටත්, 2004 වර්ෂයේ කර්නල් නිළයටත්, 2006 වර්ෂයේ බ්‍රිගේඩියර් නිළයට සහ 2012 ඔක්තෝබර් මස 10 වන දින මේජර් ජෙනරාල් නිළයට පත්වූ අතර, එම වසර 34 ක කාලය තුළ යුද්ධ හමුදාව තුළ වැදගත් තනතුරු රැසක් හොබවා ඇත.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මේජර් ජෙනරාල් ජගත් විජේතිලක දෙදරු පියෙකි.