2012.03.14 වැනි දින අලුයම් කාලයේ අලුත්ගම පොලිස් වසමේ දර්ගා නගරය, කෙළින්වීදිය, මහපල්ලිය අසල මාර්ගයේ පිරිමි දරුවෙකු දමා ගොස් තිබේ. ඔහුගේ සිරුරේ තිබූ තුවාල හේතුවෙන් නාගොඩ රෝහලේ ළමා වාට්ටුවට ඇතුළත් කර ප්රතිකාර ලබාදීමෙන් පසු පරිවාස භාරයට පත්කර ඇත.
කිසිදු තොරතුරක් අනාවරණය කරගත නොහැකි දරුවාට මේ වනවිට වයස අවුරුදු04ක් පමණ වේ. එම දරුවාගේ දෙමාපියන් හෝ භාරකරුවකු මෙතෙක් අනාවරණ කර ගැනීමට නොහැකි වී ඇති බැවින් කළුතර දිසා අධිකරණය විසින් දරුවාගේ ඡායාරූපයක් පුවත්පත් වල පළකරන ලෙසට අලුත්ගම පොලීසියට නියෝග කර ඇත.
තොරතුරු ඇතොත් අලුත්ගම පොලිස් ස්ථානයේ අංක 034-2275222 හෝ 034-2271350 දරණ අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී.