අද(10) උදෑසන වන විට මැතිවරණය ආශ්රිත පැමිණිලි 60ක් වාර්තා වී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්ය
ක්ෂක රෝහන හෙට්ටිආරච්චි මහතා පවසනවා.
මෙම පැමිණිලි සිදුවුනු කාරණා අතර පහරදීම්, වාහන වලට අලාභ හානි කිරීම් සහ භාන්ඩ හානි ප්රධානය. මේ අතර යම් කණඩායමක පහරදීම් නිසා රඹුක්කන එජාප අපේක්ෂකයෙකු රෝහල් ගත කර ඇති අතර නාවලපිටියේ ඡන්ද පොළ නිළධරයෙකුට පහරදීමක් සිදුවී ඇත.
පුත්තලම සහ මඩකලපුවේ වාහන දෙකට අලාභ හානි සිදුකර ඇති බවද හෙට්ටිආරච්චි මහතා පවසයි.
නමුත් සමස්ථයක් ලෙසින් ගත් කළ මැතිවරණයේ තත්ත්වය දැනට සාමකාමී බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.